ගිනස් වාර්තා අතරට ගිය කැනේඩියානු නිවුන් දරුවන්

Share

කැනේඩියානු දරුවන් දෙදෙනකු ලොව වඩාත් අඩුම ගර්භනී කාලයකින් උපත ලැබූ නිවුන් දරුවන් ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබෙනවා.

සති 22ක ගැබිනි කාලයකින් මෙසේ උපත ලබා ඇත්තේ ආඩියා සහ ඒඩ්‍රියල් නඩරාජා නම් දරුවන් දෙදෙනාය.

මේ නිවුන් දරුවන් උපත ලබා ඇත්තේ නොමළ දරු උපතක් සිදුවිය හැකි අවම ගැබිනි කාලය වන සති 22ක කාලයටත් පැයකට පෙරාතුවය.

සාමාන්‍ය ගැබිනි කාලය සති 40ක් වන අතර ඒ අනුව මේ දරුවන් නිසි කාලයට සති 18කට පෙර උපත ලබා තිබීම විශේෂත්වයකි.

Read more

Local News