මේ වන විට යුක්‍රේනයේ බක්මුට්හි දරුණු සටන් පවතිනවා.
රුසියාව බක්මුට් නගරය අල්ලා ගතහොත් ඉන් යුක්‍රේනයේ නගර වෙත රුසියානු හමුදාවන්ට ඇතුළු වීමට පහසු මාර්ගයක් විවර වන බවයි සෙලෙන්ස්කි පවසන්නේ.
මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් අතර දුරකතන සංවාදයක් සිදුව තිබෙනවා.
එහිදී ඔවුන් මෙම යුධ ගැටුම සම්බන්ධයෙන් සේම චීනය මේ සඳහා මැදිහත් වීම පිළිබඳව ද සාකච්ඡා කළ බවයි ධවල මන්දිරය පවසන්නේ.