ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යුක්රේනයේ කියෙව් වෙත යාමට කැමැත්තෙන් සිටින බව වාර්තා වනවා.
නමුත් ඊට පෙර රුසියාවට යාමට අවශ්‍ය බවයි උන්වහන්සේ පවසා ඇත්තේ.
ඊට අවස්ථාව ලැබුනේ නැත්නම් රුසියාව හෝ යුක්රේනය යන රටවල් දෙකටම යන්නේ නැති බව උන්වහන්සේ පවසනවා.
මේ අතර ධාන්‍ය අපනයන ගණුදෙනුව දීර්ඝ කිරීමේ සාකච්ඡාවට රුසියාව සහභාගී වුයේ නැති බව රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව පවසනවා.
කෙසේ නමුත් එම සාකච්ඡාවේ තවත් කොටසක් අද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ ජිනීවා නුවරදීයි.
රුසියාවේ නිෂ්පාදිත වානේ සහ ඇලුමිනියම් භාවිත කිරීම හා ගෙන්වීම කැනඩාව තහනම් කර තිබෙනවා.
මේ අතර ගත වූ පැය 24 තුළ රුසියානු භටයින් 1,000 කට අධික පිරිසක් මිය ගිය බවයි යුක්රේනය පවසන්නේ.