මනුසත් ආදරේ

Share

සමහරු කියවනවා කියවනවා කියවනවා …. ඉවරයක් නෑ…

මොන කන්කරච්චලයක් ද මන්දා කියල හිතෙනවා නේද? එත් ඒ කන්කරච්චලේ නැතුවත් පාලුයි වගේ නේද ? නිහඬ බවටත්, සමහර වෙලාවලදී අපි කැමතියි. ඒ උනාට ඔයාට පුලුවන් ද, කා එක්කවත් කතා කතා නොකරම ඉන්න. මං හිතන්නේ එක අමාරු දෙයක්.

කොහොම වුණත් මුළු ජීවිත කාලෙම වචනයක්වත් කතා කර ගන්න බැරුව දුක් විඳින අයත් ඉන්නවා. ඔයා දන්න අදුරන කතා කරන්න බැරි අය ඇති.

මටත් හිටියා එහෙම කෙනෙක්. ඒ මගෙ ආච්චි. පුංචි කාලේ මගේ නොතේරුම්කමට, මං එයාට ගොඩක් වද දුන්නා. ඒත් එයා බොහොම අහිංසක විදිහට, මාත් එක්ක අංග චලනවලින් හරි හරියට ගනුදෙනු කළා. පුංචි කමට දඟ කළාට, ආච්චි මං එක්ක තරහ නැතුව ඇති කියල හිතාගෙන, මං හිත හදා ගන්නවා.

ආච්චි මහපු ඇඳ ඇතිරිලි මන් තාමත් පාවිච්චි කරනවා. ඒ මතක සුවඳ ආදරෙන් පොරවගන්න මං හරි කෑදරයි.

ඉතින් වචන කියලා කියන්නෙම කලාවක්. මගේ ආච්චිට වගේම තවත් අයට ඒ කලාවේ පිකාසෝලා වෙන්න බැරි වුණත්, ඒ හිත් අස්සෙ නළියන හැගීම්වලට, අපි සවන් දෙන්නම ඕනෙ.

අපේ පුංචි ස්පර්ශයකට, එක වචනයකට, එහෙමත් නැත්නම්,
අවංක සිනහවකට පුළුවන් වේවි, එයාලව හදවතින්ම සතුටු කරවන්න.

සමහරවිට ඔයාට හිතෙන්න පුළුවන් අඳ,ගොළු, බිහිරි හෝ වෙනත් ආබාධිත අයත් එක්ක වැඩ කරද්දි, පිස්සු වගේ ඇති කියලා. නෑ. එහෙම නෑ. අවබෝධය තමයි වැදගත්ම දේ.

ඔයා දන්නවද, කිසිම ආබාධයක් නැති අය නොකරන දේවල් පවා, disable අය කරලා තියෙනවා. හරි විදිහට හිතලා උනන්දුවෙන් වැඩ කරොත්, අපිට කරන්න බැරි දෙයක් නැහැ.

ඒ කොහොම වුණත් Disable අයටත් ඔයාට වගේම හැඟීම් දැනීම් තියෙනවා. ඔයාට හදිස්සියේ හරි disable වෙන්න වුනොත් ඔයාට කොහොම දැනෙයිද? අන්න එහෙම හිතලා, අපි එකිනෙකාව තේරුම් අරන් ජීවත්වෙමු. පුළුවන් තරම් මනුසත් ආදරේ, සිහි බුද්ධියෙන් අවංකවම පතුරමු.

පී.එම්. දිනුක මධුෂාන්

Read more

Local News