යුක්‍රේන ධාන්‍ය අපනයන ගිවිසුම දින හැටකින් දීර්ඝ කරයි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 383 යි.

මේ වෙද්දි යුක්‍රේනයේ බක්මූට් නගරයේ දරුණු ගැටුම් පවතින බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගැටුම් හමුවේ රුසියානු සෙබළුන් 1100 ක් මිය ගොස් ඇති බවයි.

එසේම ගෙවුණු පැය 24 තුළ යුක්‍රේන සෙබළුන් 220 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්‍රේන ධාන්‍ය අපනයනය තවදුරටත් දීර්ඝ කිරීමට යුක්රේනය සහ රුසියාව එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ අනුව දින 60 කින් මෙම ධාන්‍ය අපනයන ගිවිසුම තවදුරටත් දීර්ඝ කෙරෙනු ඇති.

මේ අතර ඇමෙරිකාවේ ආරක්ෂාව වෙනුවෙන් එරට ඉතිහාසයේ වැඩිම මුදලක් අයවැයෙන් වෙන් කිරීමට ඇමෙරිකානු රජය තීරණය කර තිබෙනවා.

Read more

Local News