යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 385 යි

යුක්‍රේනය – රුසියාව අක්‍රමණය කර අදට දින 385 යි.

පසුගියදා කළු මුහුදට කඩා වැටුණු එක්සත් ජනපද ඩ්‍රෝන යානය සම්බන්ධයෙන් විමර්ශණය කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් පවසනවා.

නමුත් එය කඩා වැටුණු ස්ථානය ඉතාමත් ගැඹුරු නිසා ගොඩගැනීමට අපහසු බවයි ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි පවසන්නේ.

මේ අතර ෂඵත්‍ නිළධාරීන් සහ යුක්‍රේන නිළධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ යුද්ධයෙන් විනාශ වූ යුක්‍රේනයට ණය ලබාදීම සඳහා වූ ප්‍රතිපත්ති මාලාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ එම සාකච්ඡා ඵලදායී මට්ටමක පවතින බවයි.

මේ අතර සිරියානු ජනාධිපතිවරයා ඊයේ රුසියාවේ මොස්කව් වෙත පැමිණ තිබෙනවා.

ඒ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීම සඳහායි.

මේ අතර ක්‍රිමියාවේ සිටින දරුවන් සදහා රුසියානු හමුදා පුහුණුව ලබා දෙන දර්ශණ සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා.

Previous article8 වන සුපර් ලීග් පන්දුවාර 20 තරඟාවලිය ඇරඹේ
Next articleමත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු කාන්තාවක අත්අඩංගුවට