ශ්‍රී ලංකා පිලට 2019 ක්‍රිකට් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2019 ක්‍රිකට් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබාගැනීමට හැකි අවස්ථාවක් ලැබී තිබේ.

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරඟය අද (10) රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදි පැවැත්වෙයි.

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින තරඟ පහෙන් තරඟ දෙකක් ජයගතහොත් ශ්‍රී ලංකාවට එලඹෙන ක්‍රිකට් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමට හැකිවේ.

එහෙත් කිසිදු තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකිවුවහොත් 2019 ක්‍රිකට් ලෝක කුසලානයට සිදුසුකම් ලැබීමට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට එක්වීමටයි සිදුවනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල අටවන ස්ථානයේ පසුවේ.

ඉන්දියාව එහි තුන්වන තැන සිටියි.

Exit mobile version