යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 396 යි

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 396 යි.

රුසියාව බෙලරුසියාවේ න්‍යෂ්ඨික අවි ස්ථානගත කිරීමට ගත් තීරණය හෙලා දකින බව යුක්‍රේන ආරක්ෂක ලේකම්වරයා පවසනවා.

නමුත් රුසියානු ජනාධිපති ජනාධිපති ව්ලදිමීර් පුටින් පවසා ඇත්තේ එම තීරණය අමුතු තීරණයක් නොවන බවයි.

රුසියානු න්‍යෂ්ඨික අවි සඳහා සත්කාරය දෙන්න එපා කියලා යුරෝපා සංගම් විදේශ ප්‍රතිපත්ති ප්‍රධානි ජොසෙප් බොරෙල් බෙලරුසියාවෙන් ඉල්ලා තිබෙනවා.

එසේ වුවහොත් බෙලරුසියාවට සම්බාධක රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි යුරෝපා සංගමය පවසා ඇත්තේ.

මේ අතර එංගලන්ත හා යුක්‍රේන ක්‍රීඩකයින් සහභාගී වූ පාපන්දු තරඟයක් වෙම්බ්ලිහිදී පැවැත්වුණා.

තරඟය ආරම්භයට පෙර එංගලන්ත ක්‍රීඩකයින් යුක්‍රේන ධජයක් මත “සාමය” යනුවෙන් ලියා ප්‍රදර්ශනය කර තිබෙනවා.

Read more

Local News