රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 400 යි

යුක්‍රේනයේ සර්පෝෂීයා න්‍යෂ්ටික බලාගාරය අවට දරුණු සටන් පවතිනවා.

මේ නිසා එම කලාපය අවධානම් මට්ටමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා පවසනවා.

මෙම යුද්ධය අඛණ්ඩව පවත්වා ගෙනයාම සඳහා රුසියාවට අවශ්‍ය ආයුධ ලබා ගැනීමේ සූදානමක් පිළිබඳ නව තොරතුරු වාර්තාවන බව ඇමෙරිකාව පවසනවා.

කෙසේ වෙතත් පුටින් දීර්ඝ කාලීන යුද්ධයක් සඳහා සූදානමින් සිට ඇති බව මෙම යුධ ගැටුමෙන් පිළිබිඹුවන බව යුධ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

බටහිර රටවල් යුක්‍රේනයට ලබාදෙන සහයෝගයන් සමඟ එම රටවල් මෙවැනි දීර්ඝ කාලීන යුද්ධයක් සඳහා සූදානම්දැයි යන්න ගැටළුකාරී බව ඔවුන් වැඩිදුරටත් පවසනවා.

Exit mobile version