දකුණු නෙදර්ලන්තයේ දුම්රිය අනතුරක්

Share

දකුණු නෙදර්ලන්තයේ දී දුම්රියක් පීලි පැන තිබෙනවා.

දුම්රිය මැදිරි හතරෙන් දෙකක් පීලි පැන ඇති බවයි වාර්තා වන්නේ.

එම නිසා ගින්නක් හටගෙන ඇති අතර කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ මගීන් 50 දෙනෙකු පමණ සිට තිබෙනවා.

දුම්රිය මාර්ගයේ තිබූ ඉදිකිරීම් උපකරණවල ගැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබෙනවා.

Read more

Local News