යුක්‍රේන රුසියා යුධ ගැටුම ආරම්භ වී මේ ගෙවී යන්නේ 406 වන දිනයයි.
යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පසුගියදා පෝලන්තය වෙත ගියා.
ඒ පෝලන්ත ජනාධිපති ඇන්ඩ්‍රස් ඩූඩාව හමුවීම සඳහායි.
එහිදී සෙලෙන්ස්කිව පිළිගැනීම සඳහා පෝලන්තයේ සිටින යුක්‍රේන සරණාගතයින්ද පැමිණ සිටියා.
මෙම සංචාරයේදී සෙලෙන්ස්කි පෝලන්තයේ විශිෂ්ටතම පුද්ගලයින් වෙත ලබා දෙන ඉහළම සම්මානයෙන්ද පිදුම් ලැබුවා.
එසේම මෙම සංචාරය අතරතුර සෙලෙන්ස්කි පෝලන්තය හා එක්ව ගිවිසුමකටද අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ දෙරට අතර යුධෝපකරණ නිෂ්පාදනය සඳහා වූ ගිවිසුමකටයි.
මේ අතර යුද්ධය අතරතුර යුක්‍රේනයෙන් පිටුවහල් කළ දරුවන්ට නැවතත් සිය නිවෙස්වලට යා හැකි බව ළමා අයිතිවාසිකම් පිළිබඳ රුසියානු කොමසාරිස්වරිය පවසනවා.
මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ ගින්නක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.