දකුණු බ්‍රසීලයේ පෙර පාසලක් තුළදී දරුවන් සිව් දෙනෙකු ඝාතනය කර තිබෙනවා.
මෙලෙස පහර දී ඇත්තේ 25 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
ඔහු පොරවකින් පහර දී මෙම දරුවන් ඝාතනය කර තිබෙනවා.
තවත් දරුවන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.
ඔවුන්ගෙන් එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බව විදෙස් මාධ්‍යයේ සඳහන්.
අදාල සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.