රුසියාවෙන් යුක්‍රේනයේ බක්මුට් නගරයට අඛණ්ඩ ප්‍රහාර

Share

රුසියාව යුක්‍රේනයේ බක්මුට් නගරය අල්ලා ගැනීම සඳහා අඛන්ඩව පහර දෙමින් සිටිනවා.

මේ නිසා බක්මුට් නගරයේ පාලනය රුසියානු හමුදා අතට පත් වීමට වැඩි අවස්ථාවක් ඇති බවයි යුධ විශ්ලේෂක මතය.

බක්මුට් නගරය රුසියානු හමුදාවන්ට වැදගත් වන්නේ කලාපීය ප්‍රවාහන සහ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙසයි.

එසේම රට අභ්‍යන්තරයට පහසුවෙන් ගමන් කිරීමට මේ හරහා රුසියානු හමුදාවට හැකිවනු ඇති.

මේ අතර යුක්‍රේනයේ ජාත්‍යන්තර ගුවන් නියමුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ F 16 වර්ගයේ ගුවන් යානා නියමුවන්ට යුක්‍රේනය වෙනුවෙන් යුධ බිමට පැමිණෙන ලෙසයි.

Read more

Local News