දරුණු පිළිකා රෝගයකින් පෙළුණු සිය දියණිය රෝහලෙන් නිවස කරා රැගෙන යන අතරතුර සුපිරි ලොතරැයි ජයක් ලැබූ කාන්තාවක් පිළිබඳ කතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙය වාර්තාවන්නේ අමෙරිකාවේ ලේක්ලන්ඩ් ප්‍රදේශයෙන්.
Geraldine Gimblet නමැති කාන්තාව සිය දියණිය රෝහලේ සිට නිවස කරා රැගෙන යමින් සිටියදී මෙම ලොතරැයිය මිලදීගෙන තිබේ.
ඇය ඒ වනවිටත් සිය දියණිය වෙනුවෙන් සියලුම වත්කම් වියදම් කර තිබුණි.
එම දියණිය වෙනුවෙන් සිදුකළ අවසන් වෛද්‍ය සත්කාර ලබාදී පිළිකාව පරාජය කර බවට තහවුරු කරගෙන සිය නිවස කරා යමින් සිටියදී මෙම වාසනාවට ඇයට උදාවී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ලොතරැයියෙන් ඇයට හිමිව ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2 ක් බවයි වාර්තා වන්නේ.