සුඩානයේ කාර්ටුන්හි දී එරට යුරෝපා කොමිසමේ තානාපතිවරයාට පහරදීමක් සිදුව තිබෙනවා.
කෙසේවුවද පහරදීමෙන් බරපතළ හානියක් සිදුව නොමැති බව අයර්ලන්ත විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
සුඩානයේ හමුදාව සහ තවත් සන්නද්ධ කණ්ඩායමක් අතර දින තුනක් තිස්සේ පවතින ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 185 දෙනෙකු පමණ මියගොස් තවත් 1,800 දෙනෙකු පමණ තුවල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
කාර්ටුම් අගනුවර වැදගත් ඉලක්ක රැසක් එම කණ්ඩායම් දෙක විසින් අත්කරගෙන තිබේ.
මෙම තත්ත්වය තුළ එරට පවතින තානාපති කාර්යාලවල ද ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවිය හැකි අතර යුරෝපා කොමිසමේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසප් බොරෙල් ප්‍රකාශ කර ඇත්තේ තානාපති කාර්යාල පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීමට සුඩාන බලධාරීන් පියවර ගත යුතු බවය.