රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට මේ ගෙවෙන්නේ 417 වන දිනය යි.
රුසියානු ජනපති පුටීන් ඊයේ දින යුක්‍රේනයේ කේසන්හි සංචාරයක නිරත වුණා.
යුද්ධය ආරම්භ වූ පසු පුටීන් යුක්‍රේනයේ සංචාරය කළ දෙවන වතාව මෙයයි.
මෙම සංචාරයේදී පුටීන් රුසියානු හමුදා ප්‍රධානීන් හමුව තිබෙනවා.
මේ අතර යුක්‍රේනය අප්‍රේල් 30 වනදා වනවිට රුසියාවට දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානමින් සිටින බව හෙළි වී තිබෙනවා.
රුසියානු විදේශ ඇමති මේ යුද්ධය පිළිබඳ ඊයේ දින විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඔහු පවසන්නේ යුද්ධය නවත්වන්න රුසියාව ඕනෑම මොහොතක සූදානම් බවයි.
නමුත් යුක්‍රේන පාර්ශවය කිසිදු නම්‍යශීලි බවක් පෙන්නුම් කරන්නේ නැති බවයි රුසියානු විදේශ ඇමති චෝදනා කරන්නේ.