අමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ ජැස්පර් නම් ප්රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් 9 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
එහි පාසලක සිසුන් පිරිසක් සංවිධානය කළ සාදයක් අතරතුරදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
ඉන් තුවාල ලැබූ පිරිස වයස අවුරුදු 15-19 ත් අතර වන බවත් ඔවුන්ව වහාම රෝහල්ගත කිරීමට පියවරගත් බවත් එම ප්රදේශයේ පොලිස් බලධාරීන් පැවසීය.