රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 436 යි.
අද මැයි මස 9 වන දිනයි.
රුසියාව අද දින ජයග්‍රහණයේ දිනය සැමරීමට නියමිතයි.
දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය ලැබූ ජයග්‍රහණය මෙහිදී සමරනු ලබනවා.
මෙම ජයග්‍රහණයේ දිනයට සමගාමීව ඊයේ රාත්‍රියේ කියෙව් ඇතුළු යුක්‍රේනයේ නගර රැසකට රුසියාව ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළා.
දින 8ක් තුළ රුසියාව එල්ල කල ප්‍රහාර මාලාව මෙය වන බවයි වාර්තා වන්නේ.