යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 439 යි

Share

රුසියාව යුක්‍රේනයට ගුවන් ප්‍රහාර 28ක් සහ මිසයිල 6ක් එල්ල කර ඇති බව යුක්‍රේනය පවසනවා.

එලෙස එල්ල වූ බොහෝ ප්‍රහාර නැගෙනහිර යුක්‍රේනයේ ස්ලෝවියන්ස්ක්, කොන්ස්ටියන්ටිනිව්කා සහ සපොර්ෂියා වෙත එල්ල වූ බවයි වාර්තා වන්නේ.

මේ වන විට දරුණු ගැටුම් පවතින බක්මුට් ප්‍රදේශයට ප්‍රහාර 30කට වඩා එල්ල වූ බව යුක්‍රේනය පවසනවා.

මෙම ප්‍රහාරවලින් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.

නමුත් නිශ්චිත සංඛ්‍යාවන් දක්වා නැහැ.

Read more

Local News