ඉදිරියේදි සිරියාවට දරුණු මිසයිල ප්‍රහාරවලට මුහුණදීමට සිදුවන බැවින් ඊට සුදානම් වන ලෙස රුසියාවට ඇමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අනතුරු අඟවා තිබේ.
සිරියාවේ ඩූමා නගරයට එල්ලවූ රසායනික අවි ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව ඊයේ (11) කියා සිටියේ ඇමරිකාව එල්ල කරන මිසයිල බිම දැමීමට තම රට සූදානම් බවයි.