කෝඩ්‍රෑන්ගල් කුසලාන ගොල්ෆ් තරඟාවලියේ ජය ගුවන් හමුදාවට

Share

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධාන ශක්තියෙන් සහ “SLT Mobitel” පුද්ගලික සමාගමේ අනුග්‍රහකත්වය ඇතිව දෙවන වතාවට සංවිධානය කරනු ලැබූ කෝඩ්‍රෑන්ගල් කුසලාන කාන්තා සහ පිරිමි අන්තර් සමාජ ගොල්ෆ් තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්හිදී පැවැත්විණි.

මෙම තරඟාය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ගෝල්ෆ් ක්‍රීඩා සමාජ 4ක් වන ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය, රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජය, වික්ටෝරියා ගෝල්ෆ් ක්‍රීඩා සමාජය හා නුවර එළිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජය යන ක්‍රීඩා සමාජ සහභාගී වු අතර එහිදි ප්‍රසාද ලකුණු 325 ලබාගනිමින් සමස්ථ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය සමත් විය

මෙම තරගාවලියේ දක්ෂතම ළගම පහරට හිමි කුසලානය (පිරිමි) ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රිඩා සමාජයේ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින්ද, දක්ෂතම දුරම පහරට හිමි කුසලානය (පිරිමි) නුවර එළිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ මයිකල් සත්‍යශිවම් විසින්ද, දක්ෂතම ළගම පහරට හිමි කුසලානය (කාන්තා) නුවර එළිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ ප්‍රෑන් ද මෙල් විසින් ද, දක්ෂතම දුරම පහරට හිමි කුසලානය (කාන්තා) රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ දිනුකා බොරලැස්ස විසින් දිනාගත් අතර තරගාවලියේ හොඳම ලකුණු ලබාගත් ක්‍රිඩකයා ලෙස රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ රවි ලියනගේ ද, තරගාවලියේ හොඳම ලකුණු ලබාගත් ක්‍රිඩිකාව ලෙස වික්ටෝරියා ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ ප්‍රවීනා දුනුවිල ද කුසලාන දිනා ගන්නා ලදි.

Read more

Local News