බස්නාහිර මහනගර සංවර්ධන සැලසුම කඩිනමින් ඇරඹේ

Share

බස්නාහිර මහනගර සංවර්ධන සැලසුම් කඩිනමින් ආරම්භ කරන්නැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එම සැලසුමේ අවසන් සමාලෝචනය සිදු කර මාස 3ක් ඇතුලත එහි ඉදිරි කටයුතු සිදු කරන ලෙසද ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ බස්නාහිර මහනගර සංවර්ධන සැලසුම පිළිබඳ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

එම සාකච්ඡාව ඊයේ (22) දින නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

Read more

Local News