ජාතික වෙරළ වොලිබෝල් තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතාවය ගුවන් හමුදාවට

Share

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන ලද ජාතික වෙරළ වොලිබෝල් තරගාවලියේ අවසන් තරග 2023 මැයි මස 21 වන දින මීගමුව වෙරළ තිරයේදි පැවැත්වු අතර එම තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දිනාගන්නා ලදි.

මෙහිදි ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර පැවති පිරිමි අවසන් තරගයේ ජයග්‍රහණය තරග වට 03ට 02ක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම ජයග්‍රහණය කල අතර, කාන්තා අවසන් තරගය ශ්‍රී ලංකා නාවික හමුදාව පරදවා තරග වට 03ට 02ක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි.

මේ සදහා ශ්‍රී ලංකාවේ සියළු පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වු අතර මෙතෙක් ශ්‍රී ලංකා ජාතික වෙරළ වොලිබෝල් සංචිතය නියෝජනය නොකළ ක්‍රිඩක ක්‍රිඩිකාවන් සිවිදෙනෙකු විසින් මෙම තාරගාවලිය ජයග්‍රහණය කිරීම සුවිශේෂත්වයකි.

Read more

Local News