50 ටත් මිනී මරයි

Share

මිනිස්සු අද රුපියලටත් දෙකටත් මිනී මරා ගන්න යුගයක් නිර්මාණය වෙලා.

රටේ පවතින ආර්ථික ගැටලු වගේම නීතියට බය නැතිකම සහ ඉවසීමක් නැතිකම අද රටේ බොහෝ ගැටුම්, ආරවුල්වලට හේතුවක්.

කොස් ගෙඩියක මිල ගණන් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් අවසන් වුණේ එක් පුද්ගලයෙකුට ජිවිතයක් අහිමි කරමින්.

මේ අවාසනාවන්ත සිද්ධිය වාර්තා වන්නේ කොළඹට නුදුරු රත්මලාන ප්‍රදේශයෙන්.

පිහි ඇනුමට ලක් වූ 29 හැවිරිදි පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

ඝාතනය සිදු කළ සැකකරු මේ වන විට හදුනාගෙන ඇති අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Read more

Local News