යුක්‍රේන සන්නද්ධ හමුදාවෙන් රුසියාවට ප්‍රහාර

රුසියාවේ බෙල්ගරෝද් ප්‍රදේශයට යුක්‍රේන සන්නද්ධ කණ්ඩායමක් ඇතුළු වූ බවට තොරතුරු වාර්තා වුණා.

එලෙස ඇතුලු වූ සන්නද්ධ හමුදාව එම ප්‍රදේශයේ ගොඩනැගිලිවලට හා නේවාසික ගොඩනැගිලිවලට දරුණු ප්‍රහාර එල්ල කර ඇති අයුරු දැකගත හැකිවුණා.

එම ප්‍රහාර වලින් පුද්ගලයින් 70ක් මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලැබූ බවයි රුසියාව පවසන්නේ.

කෙසේ වෙතත් මෙලෙස ගැටුම් ඇතිකර ගෙන ඇත්තේ ද ලිබර්ට් ඔෆ් රෂියා ලීජන් හා රෂියන් වොලන්ටීයර් කෘප් යන සන්නද්ධ කණ්ඩායම් දෙකයි.

එහි වගකීම මොවුන් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍යයේ සඳහන්.