හබරාදූවේ වෙඩිතැබීමක්

Share

ගාල්ල, හබරාදූව ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

එම වෙඩිතැබීමෙන් එම පුද්ගලයාගේ බිරිඳ ද තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරනවා.

සිය දරුවා පාසල වෙත රැගෙන ගොස් ත්‍රිරෝද රථයකින් යළි එමින් සිටි ඔවුන් දෙදෙනාට යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News