ආරක්ෂක සේවා රග්බි ශූරතාවය ගුවන් හමුදාවට

Share

ආරක්ෂක සේවා රග්බි තරගාවලිය 2023 මැයි මස 09 වන දින සිට 16 දින දක්වා රත්මලාන ගුවන් හමුදා කදවුරු රග්බි පිටියේ පැවති අතර එහිදි යුද හා නාවික හමුදා රග්බි කණ්ඩායම් හට එරෙහිව ශ්‍රි ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම ජයග්‍රහණ ලබා ගනිමින් ආරක්ෂක සේවා රග්බි ශූරතාවය දිනා ගැනිමට සමත් විය.

ගුවන් හමුදා රග්බි කණ්ඩායම හා යුද හමුදා රග්බි කණ්ඩායම අතර තරගයේ දි ලකුණු 15-13ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහනය කරනු ලැබු අතර, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමග පැවති තරගයේදි ලකුණු 23-13ක් ලෙස ලබා ගනිමින් ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහනය කරන ලදි.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 2023 මැයි 23 වන දින නාවික පාබල ආඥාපති රියර් අද්මිරාල් පිඒඑන්එල් පොන්නම්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එහිදි දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට ගයන්ත ඉද්දමල්ගොඩ විසින් හිමි කරගන්නා ලදි.

Read more

Local News