අද සිට ක්රියාත්මක වන පරිදි කිරිපිටි මිල පහත දැමීමට පියවර ගෙන තිබෙනවා.
කිලෝග්රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක මිල අඩුකර ඇත්තේ රුපියල් 200කින් එහි නව මිල රුපියල් 2695ක්.
ග්රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල අඩුකර ඇත්තේ රුපියල් 80කින්. එහි නව මිල රුපියල් 1085ක් බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික අශෝක බණ්ඩාර පැවසුවේ.



