රුසියානු යුධ නෞකාවකට ප්‍රහාරයක්

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 452 යි.

යුක්‍රේනය කලු මුහුදේ තිබූ රුසියානු යුධ නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව රුසියාව පවසනවා.

මෙලෙස එල්ල කර ඇත්තේ ඩ්‍රෝන ප්‍රහාරයක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එය කාර්යමණ්ඩලයක් රහිත නෞකාවක් බව රුසියාව පවසනවා.

මේ අතර ඇමෙරිකාව යුක්‍රේනයට ලබා දෙන ඕනෑම එෆ් 16 ප්‍රහාරක ජෙට් යානයක් රුසියානු හමුදාවේ අනිවාර්ය ඉලක්කයක් වනු ඇති බවයි රුසියාව පවසන්නේ.

එසේම ඇමෙරිකාවට අයත් ලොව විශාලතම ගුවන්යානා ප්‍රවාහන නෞකාවද මේ වන විට නෝර්වේජියාවේ ඔස්ලෝ වෙත යාත්‍රා කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read more

Local News