ෂාෆ්ටර්ගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද

අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ කරාපිටිය ශික්ෂණ රෝහලේදී යි.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල පොදු සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ දෙඅත් සහ ගෙල බැඳ සිටියදී හමුවුණේ පසුගිය වසරේ දෙසැම්බර් 15 වනදාය.