උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මන්නාරම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ අද දිනයේදී එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු තත්ත්වයක පවතින බවයි.
ගතවූ පැය 24 උපරිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 35.7 අගය මුලතිව් සහ පොතුවිල් ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා.



