තඹුත්තේගම තේක්කවත්ත ප්‍රදේශයේදී මල්වෙඩිල්ලක් දැල්වීමට යාමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
සිය නිවස ආසන්නයේ පැවති මංගල උත්සවයක් අතරතුර අදාළ පුද්ගලයා මෙම අනතුරට ලක්වී ඇති බවය.
මල්වෙඩි දල්වමින් සිටින අතරතුර එක් මල්වෙඩිල්ලක් නොදැල්වීම හේතුවෙන් එය පරීක්ෂා කිරීමට යාමේදී මල්වෙඩිල්ල පත්තු වී හිසේ වැදීමෙන් ඔහු අනතුරට ලක්වී තිබේ.
බරපතළ තුවාල සිදුවූ ඔහු තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.



