අවිස්සාවේල්ල ග්‍රාමීය ප්‍රදේශවලට නව බස් රථ

Share

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සීතාවක සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස, කළ ඉල්ලීමක් අනුව අවිස්සාවේල්ල ග්‍රාමීය ප්‍රදේශ මගී ප්‍රවාහනය සඳහා නව බස් රථ 5ක් ධාවනයට එක්කිරීම 27 දින සිදු කෙරිණි.

01) අවිස්සාවේල්ල සිට බොල්ලතාව අකරවිට හරහා හංවැල්ල දක්වා

02) කඩුගොඩ හංවැල්ල මාර්ගය සඳහා

03) අවිස්සාවේල්ල සිට කුඩගම අක්කර 20 දක්වා

04) අවිස්සාවේල්ල කොස්ගම කනම්පැල්ල හරහා පූගොඩ දක්වා

05) අවිස්සාවේල්ල ඉලුක්ඕවිට තුම්මෝදර දඹෝර බෝපේ හරහා පාදුක්ක දක්වා

මෙම බස් රථ ප්‍රදානය කිරීම, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ සහභාගිත්වයෙන් සිදු විය.

Read more

Local News