විදේශ ගමන් බලපත්‍රය දින තුනෙන් නිවසටම

Share

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට අනුව විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා.

ඒ අනුව දිවයිනේ ඕනෑම පළාතක පදිංචි අයෙකුට තම විදේශ ගමන් බලපත්‍රය දින තුනක් වැනි කෙටි කාලයක් තුළ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍රය සඳහා අයඳුම් කළ හැකි අතර, අනතුරුව ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබාදීමෙන් පසුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ගෙවීම් කටයුතු සිදු කළයුතුව ඇත.

Read more

Local News