රුසියාවේ මොස්කව් වෙත ඩ්‍රෝන ප්‍රහාර

Share

රුසියාවේ මොස්කව් වෙත ඊයේ ඩ්‍රෝන ප්‍රහාරයන් එල්ල වී තිබෙනවා.

ඉන් නේවාසික ගොඩනැගිලි 2 කට හානි සිදුවුණා.

රුසියානු ජනාදිපති පුටින් පවසන්නේ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එල්ල වූ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.

ප්‍රහාරය සදහා ඩ්‍රෝන යානා 8 ක් යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රුසියාව පසුගියදා යුක්‍රේනයේ කියෙව් වෙත දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කලා.

ඊට පලිගැනීමක් වශයෙන් යුක්‍රේනය මෙම ප්‍රහාරය එල්ල කල බවයි රුසියාව පවසන්නේ.

Read more

Local News