මිත්‍රත්වයේ ස්මාරකය අසලත් පිපිරීමක්

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 459 යි.

මේ වන විට දරුණු සටන් පවතින බක්මුට් ප්‍රදේශයට ඇතුලුවන නැගෙනහිර කලාපයේ බලය යුක්‍රේනය සතු බව යුක්‍රේන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරිය පවසනවා.

එසේම පසුගිය සඳුදා යුක්‍රේනයේ කියෙව් වෙත එලල වූ ප්‍රහාරයේ දර්ශන සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

මේ අතර රුසියාව, බෙලරුසියාව සහ යුක්‍රේනය යා කරන දේශ සීමාවේ පිපිරීමක් සිදුව තිබෙනවා.

මිත්‍රත්වයේ ස්මාරකය පිහිටි සෙන්කිව්කා නම් හන්දියේ යුක්‍රේනයේ චර්නිහිව් සහ රුසියාවේ බ්‍රයන්ස්ක් නගරය යා කෙරෙන මාර්ගයේ මෙම පිපිරීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියාවේ ඉල්ස්කි නම් තෙල් පිරිපහදු කරන බලාගාරයකට ඩ්‍රෝන යානයක් කඩා වැටී තිබෙනවා.

එසේම රුසියානු හමුදා මධ්‍යස්ථානයකින් පැමිණි බවට සැක කෙරෙන තල්මසෙකු ස්වීඩ්න් මුහුදේදී දක්නට ලැබුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය සති කිහිපය තුල මෙම තල්මසා නෝර්වේ සිට කිලෝමීටර් සිය ගණනක් පිහිනා ඇති බව වාර්තා වනවා.

Read more

Local News