යුක්රේන රුසියා යුධ ගැටුමට අදට දින 467යි.
නෝවා කකෝව්කා වේල්ල පිපිරීමෙන් යුක්රේනයේ හදිසි තත්ත්වයක් ඇති වුණා.
ඒ අනුව කේසන්හි ගංවතුරින් පීඩාවට පත් වූවන් 2300 කට වැඩි පිරිසක් මේ වන විට බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස අවතැන් වූවන් බේරාගැනීමේදී රුසියාව ෂෙල් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඉන් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
එසේම මධ්‍යම යුක්රේනයේ උමාන් නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මේ අතර රුසියානු පාලිත ප්‍රදේශවල අවතැන් වූවන් බේරාගැනීම සඳහා ඉදිරිපත් විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟ වූ බවයි වාර්තා වන්නේ.
නමුත් ඒ රුසියාව ඊට ඉඩදෙන්නේ නම් පමණක් බවද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ගංවතුරින් අවතැන් වූවන් හමුවීම සඳහා සෙලෙන්ස්කි කේසන්හි සංචාරයක නිරත වී තිබෙනවා.