ජනපති ලන්ඩන් නුවර බෞද්ධ විහාරයේ දී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සඳහා එක්වෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුඑවට සහභාගී වීමට ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඊයේ (16) ලන්ඩන් නුවර බෞද්ධ විහාරයේ දී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සඳහා එක්විය.

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන් වහන්සේ විසින් මෙහිදී ජනාධිපතිතුමා ඇතුඑ පිරිස වෙත චාරිත්‍රානුකූලව හිසතෙල් ගල්වා ආශිර්වාද පළකළහ.

අනතුරුව විහාරස්ථානයේ පැවති ආගමික වතාවත් සදහා ද ජනාධිපතිතුමා එක්විය.

ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද විහාරස්ථානය වෙත පැමිණ සිටි අතර ඔවුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා, උදාවූ අලූත් අවුරුද්දට ශුභාභාශිංසන පළකළේය.

Exit mobile version