ට්‍රම්ප් නිවැරදිකරු වෙයි

Share

අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයෙන් ඉවත් වූ පසු රහස්‍ය ලේඛන සන්තකයේ තබාගැනීම නිසා ඔහුට එරෙහිව මියාමි ෆෙඩරල් අධිකරණයේ චෝදනා 37ක් ගොනුකරනු ලැබුවා.

ඒ අනුව සිය පෞද්ගලික ගුවන් යානයෙන් ඔහු ඊයේ දින අධිකරණයේ පෙනී සිටීම සඳහා මියාමි වෙත පැමිණියා.

ඊයේ දින මියාමි නගරයේ ආරක්ෂාවද තර කර තිබුණා.

කෙසේ වෙතත් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී තිබුණු අපරාධ චෝදනාවලට ඔහු නිවැරදිකරු බව ෆෙඩරල් අධිකරණය ඊයේ දින ප්‍රකාශ කළා.

Read more

Local News