ග්‍රීසියේ බෝට්ටු අනතුරක් – 79 ජීවිතක්ෂයට

Share

ග්‍රීසියේ බෝට්ටු අනතුරක් සිදුව තිබෙනවා.

දකුණු ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී යි සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ.

අනතුරෙන් පුද්ගලයින් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවත් සංක්‍රමණිකයින් 100කට අධික පිරිසක් අතුරුදන්ව තිබෙනවා.

අනතුර සිදුවන් අවස්ථාවේ යාත්‍රාවේ පුද්ගලයින් 750කට ආසන්න පිරිසක් ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර ග්‍රීසියේ සිදුවූ විශාලතම සංක්‍රමණික යාත්‍රා අනතුර වන අතර මේ වන විට එරට තුළ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News