යුක්‍රේනයේ ක්‍රිව්රිහ් නගරයට ශෝක දිනයක්

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 473 යි.

යුක්‍රේනයේ නෝවා කකෝව්කා වේල්ල පිපිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු පාර්ශවයක් වගකීම භාරගෙන නැහැ.

ඉන් ඇති වූ ආපදාව නිසා මේ වන විට යුක්‍රේනයේ දරුණු මානූෂීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ යුක්‍රේන සාමාජිකයින් පවසන්නේ.

මේ අතර යුක්‍රේනය පුරා ඊයේ ගුවන් සයිරන් හඬ නාද කර තිබෙනවා.

එසේම යුක්‍රේනයේ චර්නිහිව්, සුමි සහ ඔඩේසා ප්‍රදේශවලට රුසියාව ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් පුද්ගලයින් කිහිපදෙනෙකු මිය ගොස් ඇති අතර සාප්පු සංකීර්ණයක් ඇතුළු දේපළ හානිද සිදුව තිබෙනවා.

එසේම යුක්‍රේනයේ ක්‍රිවිරිහ් නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම නිසා නගරය තුළ ශෝක දිනයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read more

Local News