දීර්ඝ වේලාවක් ආහාර පිසීම වෙනුවෙන් ගිනස් ලෝක වාර්තා අතරට එක් වීමට නයිජීරියානු සූපවේදිනියක් සමත්ව තිබෙනවා.
ඇය නමින් හිල්ඩා බාසි.
ඇය දින 4ක කාලයක් නොනවත්වා ආහාර පිසීම හේතුවෙනුයි මෙම ගිනස් වාර්තාව තබා ඇත්තේ.
ඒ අනුව මෙම කාලය පුරා ඇය ආහාර වර්ග 100ක් පිසීම සිදුකර තිබෙනවා.
ඉන් බහුතරක් නයිජීරියානු ආහාර වට්ටෝරු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
26 හැවිරිදි හිල්ඩා බාසි මෙම ආහාර පිසීම සඳහා ගතකර තිබූ කාලය පැය 93 යි විනාඩි 11ක් බව ගිනස් ලෝක වාර්තාවේ සඳහන්.