රුසියාවේ මීළඟ ඉලක්කය ස්වීඩනයද?

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 478 යි.

පසුගිය දින කිහිපයේම යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි බටහිර රටවලින් තම රටට යුධ ආධාර ලබාදෙන ලෙස බොහෝ වතාවක් ඉල්ලීම් කළා.

ඒ යුක්‍රේනය රුසියාවට එරෙහිව සිදුකරන ප්‍රතිප්‍රහාරය සාර්ථක කර ගැනීම සඳහායි.

එහි ප්‍රථිඵලයක් ලෙස සෙලෙන්ස්කිට ඇමෙරිකාව ,බ්‍රිතාන්‍යය, ප්‍රංශය වැනි රටවල්වලින් අති නවීන ආයුධ ලැබුණා.

කෙසේ වෙතත් යුක්‍රේනයේ ප්‍රති ප්‍රහාරය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

රුසියාව නම් පවසන්නේ යුක්‍රේනය ප්‍රතිප්‍රහාරයක් පිළිබඳව කොතරම් පුරසාරම් පැවසුවත් තවම කිසිදු ප්‍රගතියක් ලබාගෙන නැති බවයි.

මේ අතර රුසියාවේ ඊළඟ ඉලක්කය ස්වීඩනය ආක්‍රමණය කිරීම බව ස්වීඩ්න් පාර්ලිමේන්තු ආරක්ෂක කමිටු වාර්තාව පෙන්වා දෙනවා.

Read more

Local News