ටයිටැනික් සුන්බුන් බැලීමට ගොස් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්

Share

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් අතුරුදන් වී තිබෙනවා.

අතුරුදන් වූ සබ්මැරීනය සහ සංචාරකයින් සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්ලාන්තික් සාගරය තුළ අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එහි සබඳතා ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පුද්ගලයින් 5දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව සිට ඇත.

අදාළ යාත්‍රාව තුළ දින 4කට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් පවතින බැවින් එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය සඳහන් කරනවා.

ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වුනේ ඊයේ දිනයේයි.

අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

අතුරුදන් වූ සබ්මැරීනයේ පැය 30කට පමණක් ඔක්සිජන් ඉතිරිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙහෙයුම් අතරතුර සබ්මැරීනය අතුරුදන් වූ ප්‍රදේශයෙන් ශබ්ධයක් ඇසුණු බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා.

එය එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය ද මේ වන විට තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත් තවත් පැය 30කට පමණ කාලයක් පමණක් ඔක්සිජන් පවතින මෙහෙයුම් කටයුතු වේගවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News