ටයිටන් සබ්මැරීනය තුළ ගමන් කළ පුද්ගලයින් පස්දෙනා මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීන් තහවුරු කරනවා.
ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක් පමණ ආසන්නයේ තිබී සබ්මැරීනයේ කොටස් සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අදාළ යාත්‍රාව පිපිරීමකට ලක්වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නීරීක්ෂණය සඳහා අදාළ සබ්මැරීනය පසුගිය ඉරිදා අත්ලාන්තික් සාගරය වෙත පිටත්වී ගොස් තිබුණි.
අදාළ යාත්‍රාවේ පුද්ගලයින් 5 දෙනෙකු ගමන් කර තිබුණා.
සබ්මැරීනය පිපිරීයාමෙන් එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.