පුටින් දුර්වල නායකයෙක් බව කියන ප්‍රකාශය බයිඩ්න් ප්‍රතික්ෂේප කරයි

Share

වාග්නර් කණ්ඩායම සිදුකල රුසියානු කැරැල්ලෙන් පසු බොහෝ දෙනො පැවසුවේ පුටීන්ගේ ප්‍රතිරූපය බිඳ වැටී ගිය බවයි.

කෙසේ නමුත් ඇමෙරිකානු ජනපති බයිඩ්න් පුටීන් ගැන වෙනස් මතයක් තමයි දරන්නේ.

පුටීන් දුර්වල නායකයෙකු බවට පැවසීම අපහසු කරුණක් බව බයිඩ්න් ඊයේ දින ප්‍රකාශ කළා.

නමුත් ඔහු සමස්ථ ලෝකයෙන්ම ප්‍රතික්ෂේප වෙමින් සිටින බව බයිඩ්න් පවසා තිබෙනවා.

මේ අතර රුසියානු හමුදාවේ මස් මරන්නා ලෙස විරුදාවලිය ලත් අණ දෙන නිලධාරී ජෙනරාල් සුරොවිකින් අත්අඩංගුවට ගත් බව රුසියාව පවසනවා.

වාග්නර් කණ්ඩායම රුසියාව තුළ සිදු කළ කැරැල්ලේදී ප්‍රිගොෂියන්ට පක්ෂපාතී වූ බවට චෝදනා කරමිනුයි ඔහුව මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර ඊයේ දින යුක්‍රේනයේ ක්‍රමටෝස් වෙත එල්ල කර ප්‍රහාරයේ වගකීම රුසියානු ආරක්ෂක අමාත්‍යංශය භාරගෙන තිබෙනවා.

Read more

Local News