ශාරුක් ඛාන් හදිසි සැත්කමකට

Share

හින්දි සිනමාවේ රජු ශාරුක් ඛාන් අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොස් ඇන්ජලීස් හි රූගත කිරීමකදී ඔහුගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බව එම වාර්තා ආරංචි මාර්ග උපුටා දක්වමින් සඳහන් කරයි.

අනතුරුව අමෙරිකාවේදී වෛද්‍ය උපදෙස් මත ඔහුගේ නාසයේ කුඩා ශල්‍යකර්මයක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

එම වාර්තා සඳහන් කරන්නේ ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

Read more

Local News