පුටින් බලන්න පැමිණි කුඩා දැරිය

Share

සැබවින්ම යුක්‍රේනය සතුරු රාජ්‍යයක් සේම රුසියානු විරෝදී රාජ්‍යයක් බවට පත් කර ඇත්තේ බටහිර රටවල් බව පුටින් චෝදනා කරනවා.

එසේම වාග්නර් කැරැල්ල ඇතිවූ අවස්ථාවේ රුසියාවට සහය වූ පාර්ශවයන්ටද පුටින් සිය ස්තුතිය පල කර තිබෙනවා. ඒ ෂැන්හයි සහයෝගීතා සමුළුව අමතමිනුයි.

මේ අතර රුසියානු ජනදිපතිවරයා 8 හැවිරිදි කුඩා දැරියකට මල් කලබක් දී උණුසුම්ව පිළිගන්නා අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගියදා පුටින් ඩැගෙස්තානයේ සංචාරයක නිරත වුණා.

එහෙදී රුසියානු ජනදිපතිවරයාව දැක ගැනීමට බැරි වීම හේතුවෙන් ඇයට මෙලෙස ක්‍රෙම්ලීනයට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු ජනාදිපතිවරයා වාග්නර් කැරැල්ලෙන් පසු බොහෝ සේ ප්‍රසිද්දියේ පෙනී සිටින බවයි.

Read more

Local News