වස්ගමුව ජාතික වනෝද්‍යානයේ තුවක්කු සොරා ගෙන

විල්ගමුව, වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වනජීවී නිළධාරීන්ට අයත් තුවක්කු දමා තිබු කාමරයක දොර බලෙන් විවෘත කර එහි තිබු තුවක්කු පහක් සොරා ගෙන ඇති බව පොලිසිය පවසයි.

අද (22දා) පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ටී 56 ගිනි අවියක්, රිපීටර් වර්ගයේ ගිනි අවි 02ක්, බෝර 12 පතරොම් තුවක්කු 02ක් මෙහිදී සොරාගෙන ඇති බවයි.