මෙටා ස්මාගම ඊයේ දිනයේ හදුන්වා දුන් Threads නැමැති ජංගම දුරකථන යෙදුවුම හදුන්වා දී මේ වන විට පැය 24 ක් ගත වී තිබෙනවා .
මේ වන විට ලොව පුරා මිලියන 30 කට අධික පරිශීලකයන් පිරිසක් එනම් කෝටි 3 ක පිරිසක් Threads හි ලියාපදිංචි වී ඇති බවයි වාර්තා වන්නේ.
ලොව ධනවත් ම පුද්ගලයා වන එලොක් මස්ක් ට අයත් twitter යෙදවුමට සමාන විශේෂාංග ඇති Threads යෙදවුමට පරිශීලකයන්ට මිත්‍රශීලී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මීට පෙර පවසා තිබුණේ වේදිකාව මිත්රශීලීව තබා ගැනීම සාර්ථකත්වයට යතුර වනු ඇති බවයි.
කෙසේ වෙතත් මාර්ක් සකර්බර්ග් Threads යෙදවුම twitter සදහා මෙතෙක් එල්ල වූ ප්රබලතම අභියෝගය වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.
මේ වන ව්ට බ්‍රිතාන්‍ය ඇතුලු රටවල 10ක පමණ ත්රෙඩ්ස් යෙදවුම බාගත කිරීමේ අවස්ථාව පවතිනවා.
කෙසේ වෙතත් යුරෝපා සංගමය ට අයත් රටවල තවමත් ත්රෙඩ්ස් යෙදුම බාගත කිරීමේ අවස්ථාව නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
මේ වන ව්ට ත්රෙඩ්ස් නැමැති ජංගම දුරකතන යෙදවුමට එරෙහිව නඩු පැවරීමට එලොල් මස්ක් සුදානම්න් සිට්න බව වාර්තා වනවා.
එලොක් මක්ස් ද පවසා ඇත්තේ තරගය යහපත් වුවද වංචා කිරීම සුදුසු නැති බවයි.
twitter සමාගමේ මූල්‍ය රහස් සහ බුද්ධිමය දේපල ක්‍රමානුකූලව, හිතා මතා සහ නීතිවිරෝධී ලෙස පරිහරණය කර ඇති බවයි ත්රෙඩ්ස් වෙත ලිපියක් යොමු කරමින් twitter සමාගම චෝදනා කරන්නේ.